රට මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු සොයන අයවැයක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මෙවර අයවැයෙන්ද අසමත් වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද ඉදිරිපත් කළ අයවැය මහපොළොවේ සිට හදපු එකක් නොවන බවත් අද රටේ ජනතාව ඛේදනීය තත්ත්වයන් රැසකට මුහුණ දෙන බවත් දුප්පත්කම වැඩි වී විරැකියා වැඩි වී කර්මාන්ත පද්ධතිය කඩා වැටී ඇති බවත් රටේ දළ දේශීය නිෂ්පාදනයට 50% දායකත්වය ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ජන ජීවිත අඩාල වී ඔවුන් රැකගන්න මේ රජයට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අද ගොවි ගැටලුවලට ධීවර කම්කරු ස්වයං රැකියා ලභීන්න්ට විරැකියාවේ සිටින උපාධිධාරීන්ට කිසිම විසඳුමක් නොමැතිව අද අනාථ වී ඇති බවත් මේ අයවැය යනු පචයෙන් බොරුවෙන් මංමුලාවෙන් ඇන්දවීමෙන් පැවත්ම ඉදිරියට ගෙන යන අයවැයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතිවරයා රට ගොඩනගන්න නිති රිති රාමුවක් නිර්මාණය කරන බව පැවසු බවත් අද වන විට රජයට සම්බන්ධ අය කුඩු ජාවාරමට සම්බන්ධ වී ඇති අවස්ථාවේ පොලිස්පතිවරයා මේ සම්බන්ධ තොරතුරු මාධ්‍යට නොදෙන්න චක්‍රලේඛ නිකුත් කර ඇති බවත් එදා රජය කුඩු ජාවාරම ගැන මාධ්‍ය සංදර්ශන කළත් අද මාලිමා රජය කුඩු ජාවාරමට හසුවු පසු මේවා සඟවන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේක දිව දෙකේ රජයක් බවත් මේක ජනතා සහන නොලැබෙන IMF එක ලියු අයවැයක ස්වරූපය ගන්නා බවත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අයවැයේ යෝජනාවලට වෙන් කර ඇත්තේ සොච්චම් මුදලක් බවත් 2025 අයවැය වෙන් කරන විට එම වෙන් කරපු මුදල්වල ප්‍රගතිය ඉදිරිපත් කළ යුතු වුවත් එය තවමත ඉදිරිපත් කර නොමැති බවත් එම පිළිතුරු නොදුන් මුදල් ඇමතිවරයා හෙවත් ජනාධිපතිවරයා අද බොරු වට්ටෝරුවක් ඉදිරිපත් කර ඇති බවත් මේ අය නැවත නැවතත් ජනතාව රවටන බවත් තවමත් රජයට හිතක් පපුවක් නොමැති බවත් කිසිම සංවේදී භාවය නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Lanka Newsweek © 2025